Sunday, April 12, 2026
Follow Us
ශ්‍රීලනිප - පොහොට්ටු සම සභාපතිත්වයෙන් පුටුවට අත්සන් තැබීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බිහිකරන "ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය" සඳහා ගිවිසුම් අත්සන් තැබීම අද (31) සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පෙරවරු 09.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම ගිවිසුම අත්සන් තැබෙනු ඇති.

මෙම ගිවිසුම ප්‍රකාරව ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රීලනිපය සහ පොහොට්ටුව එක්ව "පුටුව" ලකුණ යටතේ තරග වැදීමට නියමිතය.

නව සන්ධානයේ සම සභාපතිවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරෙන බවයි වාර්තා වූයේ.

(LNW)