Wednesday, March 04, 2026
Follow Us
අසාද් සාලිට විරෝධය පා කමිටු රැස්වීමෙන් පිරිසක් පිටව යයි

කළුතර දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ පැමිණීමත් සමඟ කළුතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය සභාපතිවරුන් එම ස්ථායෙන් ඉවත්ව ගිය බව අද දෙරණ නාර්තාකරු පවසයි.

අද(30) උදෑසන මෙම දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වී පැවති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ නියෝජයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළුතර දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීම සඳහා සභාගි වූ බව අප වාර්තාකරු පවසයි.

අණ්ඩුකාරවරයා පැමිණීමත් සමඟ එහි සිටි කළුතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය සභාපතිවරුන් එම ස්ථානයේ ආක්ෂාව නොමැති බව පවසමින් ඉවත්ව ගොස් තිබේ.

(Lanka Leads News)