Tuesday, February 17, 2026
Follow Us
මලික්ගේ කැබිනට් සංදේශයට මංගල හරස් වෙයි

කුලියාපිටියේ යෝජිත වොක්ස්වැගන් වාහන කර්මාන්ත ශාලාව ‌වෙනුවෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම ඉදිරිපත් කර තිබූ සංදේශයකට මුදල් අමාත්‍යවරයා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කාලය ඉල්ලා සිටීම ගැන අමාත්‍යවරුන් විරෝධය පළකර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (29 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය විවාදයට ගත් අවස්ථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බව දන්වා ඇත. ඊට විරෝධය පළ කළ අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම් සහ දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර ඇත්තේ යෝජිත කර්මාන්ත ශාලාව අනුමැතියට යටත්ව ඉදිකිරීමේ කටයුතු සිදුකළ යුතු බවයි. පසුගිය වසර හතර පුරා කර්මාන්තශාලාව ඉදිකිරීමට නොහැකි වූයේ මුදල් අමාත්‍යාංශය කොන්දේසි ඉදිරිපත් කිරීම නිසා බව අමාත්‍යවරුන් මෙහිදී පෙන්වාදී තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර එහිදී ප්‍රකාශ කර ඇත්තේ කඩිනමින් සාකච්ඡාවක් පවත්වා ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කරන බවය.

(Lanka Leads)