Tuesday, February 17, 2026
Follow Us
විවාද කරන්න පෙර සජිත්ගේ ප්‍රතිපත්ති එළිදක්වන්න - නාමල්ගෙන් ට්වීට් එකක් !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයකට සහභාගි වීම කිසිදු ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. නාමල් රාජපක්ෂ මහතා ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසා සිටී.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා තවමත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා නොමැති පසුබිමක් තුළ විවාද කළයුතු දෙයක් නොමැති බවත්, සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්තිය එළිදැක්වීමෙන් පසු අවශ්‍ය නම් සජිත් - ගෝඨාභය අතර විවාදයක් පැවැත්විය හැකි බවත් නාමල් ර‍ාජපක්ෂ මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට පෙර අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට තමා සූදානම් බවයි.

(LNW)