Tuesday, February 17, 2026
Follow Us
"ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානම්"

රට වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාරගැනීමට තමන් සෑම අවස්ථාවකම සූදානම් බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ අභියෝග ජයගෙන වගකීම් ද නිසිලෙස ඉටුකළ බවට තමන් මීට පෙර ද ජනතාවට ඔප්පු කර ඇති බවයි.

රණවිරුවන්ට සැබෑ ගෞරවය ලබාදුන්නේ කවුරුන්දැයි රටේ ජනතාව හොඳින්ම දන්නා බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කළා.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළකළේ මින්නේරිය ප‍්‍රදේශයේ පැවති ජනරැළියකට එක්වෙමින්.

(Neth)