Tuesday, February 17, 2026
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුමට දින නියම කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම ලබන 31 වනදා සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ජපානයේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණීමෙන් පසු එම ගිවිසුමට අත්සන් තැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ මහජන එක්සත් පෙරමුණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ රැසක් එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. එම පක්ෂ දෙක මෙලෙස ගිවිසුම් ගතවන්නේ ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග කිරීම සඳහායි.

(Neth)