Sunday, April 12, 2026
Follow Us
රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කළ දේශපාලඥයින්ට එරෙහිව පොහොට්ටුව නඩු මගට

රජයේ නිලධාරීන් යුක්තිය ඉටුකිරීමේදී ඊට බාධා කිරීම සහ ජනතා විශ්වාසය පලුදු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවවලට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කටයුතුවලට දේශපාලන බලපෑම් එල්ල වූ බව, එහි හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති


රවී වෛද්‍යලංකාර කළ ප්‍රකාශය, ඊට ආසන්නතම සිද්ධිය බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

(Neth)