Tuesday, February 17, 2026
Follow Us
ජනපති අපේක්ෂක ගෝඨාභය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂ ගෝඨභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදි හදුන්වා දුන්නේය.

එය නම් කර ඇත්තේ, ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ලෙසය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හා පූජ්‍ය පක්ෂය, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, දේශපාලනඥයින් වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියේය.

ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය වෙත සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පිරිණමනු ලැබීය.

අනතුරුව එය පිරිණැමුණේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙතයි.

පසුව උත්සව සභාව අමතමින් ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉදිරි දැක්ම පැහැදිලි කළේය.

ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙතනින් බාගත කරගන්න
https://bit.ly/2N9UBVD

(Aruna)