Tuesday, February 17, 2026
Follow Us
සජිත්ගේ සහයට ආ සජින් වාස්ට එජාප පසුපෙළ එරෙහි වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම පිළිබඳ ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂ පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වී ඇති බව වාර්තාවේ.

පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පාක්ෂිකයන්ට විරුද්ධව කටයුතු කළ සජින් ද වාස් ගුණවර්ධන මහතාට දූෂණ චෝදනා රාශියක් එල්ල වී තිබෙන බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
ගාල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නායකයන්ට මේ සම්බන්ධව කරුණු පෙන්වාදී ඇතැයි අතර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් සිදුනොවන ආකාරයට නාමයෝජනා සකස් කරන ලෙසත්, සජින්ද වාස් ගුණවර්ධන මහතාට නාමයෝජනා ලබානොදෙන ලෙසත් එම මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කර ඇත.

(Lanka Leads)