Tuesday, January 27, 2026
Follow Us
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි
අද (09) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුනු ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පැවති අතර විවාදය අවසානයේ අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් පාර්ලිමේන්තු මන්ත්රී ජී. ජී පොන්නම්බලම් මහතා පනත් කෙටුම්පත සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. මේ අනුව පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 48 ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 7ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 41කින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්මත විය.

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්වූ අතර මේ අනුව පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.
මේ අතර අද විවාදයට ගන්නා ලද ජාතික ජලශාස්ත්රීය පනත් කෙටුම්පත ද සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව අද සම්මත විය.