Tuesday, February 17, 2026
Follow Us
"නීතිය නිසි අයුරින් කි‍්‍රයාත්මක වන පාලනයක් බිහි කරනවා"

නීතිය නිසි අයුරින් කි‍්‍රයාත්මක වන පාලනයක් බිහි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

බදුල්ල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී "වේදිකාවේ කියන ඒවා ඇහුණම...බොත්තමක් ඔබපුවාම මිඩ්වයිෆ් ඉන්න තැන පේනවාලු. කවුරු හරි බීලා පාරේ වැටිලා හිටියොත් කරේ තියාගෙන ගෙදර ගිහින් දානවාලු. මරු ජනාධිපතිලා වෙන්න හදන්නේ. ඕවා කරන්නද ජනාධිපතිවරු ඉන්නේ. " යනුවෙන්ද සඳහන් කළා.

(Neth)