Wednesday, January 28, 2026
Follow Us
 පාසල් සිසු දැරියන්ට සනීපාරක්ෂක තුවා

වයස අවුරුදු 12ත් 18ත් අතර සිටින සියලුම පාසල් සිසු දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මුදල් වෙන්කරදීම සම්බන්ධයෙන් ඉදිරියේ දී රජය විසින් සාකච්ඡා සිදුකරන බවයි .

 මෙම වැඩපිළිවෙල අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුවිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරිය යෝජනා කළාය. 

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. 

මේ සම්බන්ධයෙන් අදහස දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රමුඛතාවක් ලබාදෙමින් ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. 

ඒ, අනුව පාසල් දැරියන් ලක්ෂ 03කින් ආරම්භ කර ඉදිරියේ දී එම සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිකරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.