Sunday, July 06, 2025
Follow Us
රනිල් වෙනුවට ෆොන්සේකාගේ රුව දමයි… සජිත්ගේ ප්‍රචාරක පත්‍රිකා බෙදන්න ආසන සංවිධායකයෝ බෑ කියති

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පිළිබඳ තොරතුරු ඇතුළත් කර සකස් කළ පත්‍රිකාවක් ජනතාවට බෙදීම එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම තොරතුරු පත්‍රිකා මුද්‍රණය කර සිරිකොත පක්ෂ මූලස්ථානයේ ගොඩගසා තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ රුව පවා නොමැති මෙම තොරතුරු පත්‍රිකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාගේ රුව පමණක් ඇති බවද වාර්තා වෙයි.

ආසන සංවිධායකවරු ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායකයාගේ රුවද මෙම තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කළ යුතු බවයි. සජිත් ප්‍රේමදාසගේ රුව ඇතුළත් ඡායාරූප රැසක්ද මෙම පත්‍රිකාවේ තිබේ.

(Lanka Leads)