Wednesday, January 28, 2026
Follow Us
ප්‍රතිව්‍යුහගතකරණයේ දී දැඩි විනිවිධභාවයකින් ක්‍රියාකිරීමට රජය සූදානම්

ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී දැඩි විනිවිධභාවයකින් සහ අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ දැඩි අධ්‍යනයකින් කටයුතු කිරීමට රජය සූදානම් බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය පිළිබඳ විමසා සිටි ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එහි ඉදිරි කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව (PPP) ඉදිරියට පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි. එහි දී සියලු පාර්ශ්වල යෝජනා සලකා බලමින් වඩාත් ප්‍රායෝගික ක්‍රියාවලියකට යාමට සූදානම් බව ද හෙතෙම අවධාරණය කළේ ය.