Wednesday, January 28, 2026
Follow Us
අගමැති සහ තායිලන්ත රාජ්‍යයේ විදේශ කටයුතු උප ඇමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත රාජ්‍යයේ විදේශ කටයුතු උප අමාත්‍ය සිහසක් ෆුංකෙට්කියෙව් (Sihasak Phuangketkeow) මහතා අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදුවිය.

තායිලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සකුනා සරණන් (Sakuna Saranan), තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චෙර්ඩ්චයි චයිවයිවිඩ් (Cherdchai Chaivaivid) සහ වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඕරමන් සුප්තවීතුම් (Auramon Supthaweethum) යන අය තායිලන්ත ජ්‍යෙෂ්ඨ දූත පිරිසට එක්ව සිටියහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක ද එක්වූහ.