Wednesday, January 28, 2026
Follow Us
225ම එකතු වුණොත් කරන්න පුළුවන් දෙයක් විපක්ෂ නායක කියයි

පාර්ලිමේන්තුවේ 225 දෙනා එකට එකතු වුවහොත් මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් තොර රටක් ගොඩනැඟිය හැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වී.අයි.පී. වරප්‍රසාද භාවිත කර ගුවන්තොටුපොළින් රත්රන් ගෙන ආ මන්ත්‍රීවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ඒකමතිකව විරුද්ධ වී යෝජනාවක් ගෙන ආ සේ අප රට මත්පැන්, දුම්කොළ, දුම්වැටි භාවිතයෙන් මුදා ගැනීමට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකඟ වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව එය සිදු කළ හැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

Dinamina