Sunday, July 06, 2025
Follow Us
ගෝටා 57%යි.. සජිත් 37%යි.. බුද්ධි අංශ වාර්තාව ජනපති අතට

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන බුද්ධි අංශ වාර්තාව ජනාධිපතිවරයා වෙත දැනට දවස් දෙකකට පෙර භාරදී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එම වාර්තාව අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාටත් 57%ක්, සජිත් ප්‍රේමදාස මහතාට 37% අනුර දිසානායක මහතාට 5% ඇති බව වාර්තා කර ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා 60%ක ප්‍රතිශතය ඉක්මවන බවද වීරවංශ මහතා තවදුරටත් කීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

(Lanka Leads)