මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය පමණක්, සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශ කළේය.
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ තිබුණේ සාමාන්‍යයෙන් පොදු විෂය පද්ධතියක් බව පෙන්වා දුන් රණවක මහතා දෙවැනි වසරෙ සිට සිවිල්,විදුලි, ඉලෙක්ට්‍රානික වැනි විෂයන්වලට බෙදීම් කළ බව ද පෙන්වා දුන්නේය.
මෙවර උසස් පෙළ ප්‍රතිඵල පැමිණි පසු අදාළ විෂය පථය තෝරා ගන්නා ලෙස විශ්වවිද්‍යාලයෙන් සිසුන්ට දැනුම් දී තිබෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පේරාදෙණියෙ, ගාල්ලෙ, ඉංජිනේරු පීඨ තිබෙන බවත් අලුතින් පීඨ පටන් ගන්නා පීඨ තිබෙන අතර මේ පීඨවලට අදාළ නොවන විදිහට මොරටුව විතරක් මෙසේ සිදු කිරීම ගැටළුවක් බවත් රණවක මහතා ප්‍රශ්ණ කර සිටියේය .