Wednesday, January 28, 2026
Follow Us
අද පාර්ලිමේන්තුව රැස් වෙයි

අද (19) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

ඉන් අනතුරුව, පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.


අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.