Wednesday, February 18, 2026
Follow Us
"සම අයිතීන් තිබෙන රටක් ගොඩනැගිය යුතුයි"

සියලූ ජන කොට්ඨාශ සඳහා සම අයිතීන් තිබෙන රටක් ගොඩනැගිය යුතු බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ මීගමුව ප‍්‍රදේශයේ පැවැති වැඩසටහනක් අමතමින්.

එහිදී "මේ රටේ ඉපදෙන.. මේ රටේ ආර්ථිකයට හවුල් වෙන.. සහ මේ රටේ මියැදෙන ප්‍රධාන ජන කණ්ඩායම් ගණනාවක් ජීවත් වෙනවා. ඒ නිසා මේ සෑම ජන කණ්ඩායමකටම අයිතීන් තිබෙන රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාව පිළිගන්න ඕනේ. මේ මත තමයි අපි ප්‍රතිපත්ති මාලාව සකස් කරන්නේ. අවුරුදු 71ක් ගිහිල්ලත් මේ රටේ පාලකයන්ට බැරි වෙලා තියෙනවා ජාතික සමගිය ඇති කරන්න. " යනුවෙන් සඳහන් කළා.

(Neth)