Sunday, July 06, 2025
Follow Us
එජාපය දෙමළ සන්ධානයේ කොන්දේසි වලට යටත් වෙන්නෙ නෑ - කබීර්

එක්සත් ජාතික පක්ෂය ඡන්ද වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසි පිළිගැනීමට කිසිසේත්ම සූදානම් නොමැති බව එජාප සභාපති, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ඊයේ (19) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

"සමාවෙන්න, අපි එක ප්‍රතිපත්තියක ඉන්නේ. අරගොල්ලන්ට මෙහෙමයි මේගොල්ලන්ට මෙහෙමයි කියලා නෑ. ද්‍රවිඩ සන්ධානය ඡන්දවලට දාන කොන්දේසිවලට අපි යටත් වෙන්නෙ නෑ කියලා පැහැදිලිව අපි කියලා තියෙනවා.

මේ රටේ ස්වෛරීභාවය පිළිබඳ, ඒකීයභාවය පිළිබඳ අපි දැඩි ස්ථාවරයක ඉන්නවා."

විජේදාස රාජපක්ෂ මහතා සහ අතුරලියේ රතන හිමි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම පිළිබඳව අදහස් දක්වමින් කබීර් හෂීම් මහතා පැවසුවේ ඒ දෙදෙනාම කලින් පටන්ම සිටියේ රාජපක්ෂ කඳවුර සමඟ බවත් ඔවුන් කොහොමත් ගෙම්බන් වැනි බවත්ය.

(LNW)