Wednesday, February 18, 2026
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය එළබෙන 25දා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගත්, ලංකා කම්කරු කොන්ග්‍රසය සමගත් ගිවිසුම් ගත විය. තවද පසුගිය දින ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමගද සන්ධානගත විය. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගෙන් ලංකා ලීඩ් නිවුස් විමසා සිටියේ, ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත නොවන්නේද යන්නයි.

ඊට පිළිතුරුදුන් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ ඔක්තෝබර් මස 25 වන දින කොළඹදී ශ්‍රී ලංකා එක්සත් පොදුජන සන්ධානය යන නමින් ගිවිසුමට අත්සන් කිරීමට නියමිත බවය.

(Lanka Leads)