Wednesday, February 18, 2026
Follow Us
පොහොට්ටුවට කුකුළා එකතුවීමේ ගිවිසුම අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ලංකා කම්කරු කොංග්‍රසය අතර වූ ගිවිසුම අත්සන් කිරීම අද (18 දා) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිතය.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමාන් පසුගියදා පැවසුවේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පළකරන බවයි.

මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (19 වැනිදා) පදනම් ආයතනයේ දී සිදු කෙරේ.

(Aruna)