Wednesday, February 18, 2026
Follow Us
“මගේ මහත්තයාව ඔය පැත්තට ගන්න” – රාජිතගේ බිරිඳ මහින්දගෙන් ඉල්ලයි

තම ස්වාමි පුරුෂයාව පොදුජන පෙරමුණට එක්‌ කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලිකව මුණ ගැසී ඉල්ලීමක් කර තිබෙන සමාජ මාධ්‍යවල වාර්තා පලවෙමින් අත.

මිට පෙර රාජිත සේනාරත්න මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙම ඉල්ලීම කළ අතර ඊට පොදුජන පෙරමුණේ අති බහුතරයක් විරුද්ධ වී තිබේ.

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ස්ථිර ලෙසම පරාජය වන බව විශ්වාස කරන රාජිත සේනාරත්න මහතා සිය දේශපාලන කරණම පිලිබඳ උත්සාහය තවමත් අත්හැර නොමැති බව ද වාර්තා වේ.

(Lanka Leads)