Wednesday, February 18, 2026
Follow Us
ගෝඨා – ශ්‍රීලනිප ගිවිසුම සෙනසුරාදා (19) අත්සන් කෙරේ

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට මෙම මස 19 වැනිදා පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අත්සන් තබන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.

දෙපාර්ශ්වය අතර මීට පෙර පැවැති සාකච්ඡාවන්හී ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අවබෝධතා ගිවිසුමට එළැඹෙන බවත් ඒ මහතා කීවේය.

කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (15 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ දයාසිරි ජයසේකර, මෙලෙස අවබෝධතා ගිවිසුම අත්සන් කෙරෙන්නේ ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යැයිද සඳහන් කළේය.

(Aruna)