Monday, July 07, 2025
Follow Us
මන්ත්‍රීලා ගියාට ශ්‍රීලනිප පාක්ෂිකයින් පොහොට්ටුවට ඡන්දේ දෙන්නෙ නෑ - විජේමුණි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු වූ නමුත් ශ්‍රීලනිප පාක්ෂිකයින් පොහොට්ටුවට ඡන්දය ප්‍රකාශ නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.

ඒ බව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ද තහවුරු වූ බවයි ඒ මහතා සඳහන් කළේ.

විජේමුණි සොයිසා මහතා මේ බව සඳහන් කළේ ඊයේ (15) කොළඹදී පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රීලනිප හිටපු සංවිධායකයින්, ප්‍රාදේශීය සභා නියෝජිතයින් ඇතුළු නිලධාරීන් 100ක පමණ සංඛ්‍යාවක් ඒ මහතා සමඟ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීම ද ඊයේ දිනයේ සිදුවිය.

(LNW)