Monday, July 07, 2025
Follow Us
සාධාරණ වැටුපක් ලබා දෙන බවට සජිත්ගෙන් පොරොන්දුවක්

වතුකම්කරුවන් සඳහා සාධාරණ වැටුපක් ලබාදෙන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ඔහු කියා සිටියේ තමන් ජනාධිපති ලෙස පත්වීමෙන් පසු පොදුජනතාවට සමීප වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවයි.

අමාත්‍යවරයා ප‍්‍රකාශකළේ වතුකම්කරුවන්ගේ ජනජීවිතය ශක්තිමත් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙම අදහස් පළකළේ ඊයේ (13) රාති‍්‍රයේ දියතලාව ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදීයි.

(Neth)