Monday, July 07, 2025
Follow Us
පෙරටුගාමී පක්ෂයේ ජාතික සමුළුව අද

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 03 වැනි ජාතික මහා සමුළුව අද (13 වැනිදා) පෙරවරු 10.00 සිට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙළට එරෙහිව සමාජවාදය උදෙසා ‘‘විප්ලවීය වැඩපිළිවෙළක් – සටන්කාමී නායකත්වයක්’’ තේමාව කර ගනිමින් එම සමුළුව පැවැත්වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ව්‍යස්ථාවට අනුව වසර හතරකට (04) වරක් සම්මේලනයක් පවත්වා පක්ෂයේ නායකත්ව මණ්ඩල තෝරා පත් කර ගනු ඇත.

ඒ අනුව මෙවර සමුළුවේදී සාමාජික ඡන්දයෙන් මධ්‍යම කාරක සභාව, ලේකම් මණ්ඩලය ඇතුළු මධ්‍ය මණ්ඩල තෝරා පත් කර ගැනීමට නියමිතය.

මෙම සමුළුව සඳහා ශ්‍රි ලංකාවේ වාමාංශික පක්ෂ ගණනාවක් සහ විදේශීය වාමාංශික පක්ෂ නියෝජිතයන් රැසක් සහභාගි වන බවද පැවසේ.

(Aruna)