Wednesday, March 04, 2026
Follow Us
පොහොට්ටුවේ ජාතික සමුළුව ඇරඹෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

අද (11) පස්වරු 3.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මෙම සමුළුව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම මෙම සමුළුවේ දී සිදු වේ.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා පිළිබදව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම සමුළුවේ සියලු තොරතුරු සජීවීව අද පස්වරු 3.00 සිට ලංකා ලීඩ් නිව්ස් අප වෙබ් අඩවිය ඔස්සේ විකාශය කිරීමට සැලසුම් කර ඇත.

(Lanka Leads)