Friday, January 09, 2026
Follow Us
පොහොට්‌ටුවේ සම්මේලනයට අපි ආවට පක්‍ෂ සාමාජිකත්වය ගන්නේ නෑ…එස්.බී අඩියක් පස්සට තියයි

හෙට (11 දා) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ සම්මේලනයට තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහභාගි වන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික එස්‌. බී. දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, දුනේෂ් ගංකන්ද ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්‌ මෙසේ පක්‍ෂ සම්මේලනයට සහභාගි වන බව ද දිසානායක මහතා කීය.

පක්‍ෂ සම්මේලනයට සහභාගි වුවද, පොදුජන පෙරමුණේ පක්‍ෂ සාමාජිකත්වය ලබා නොගන්නා බව කී දිසානායක මහතා, එහෙත් පොදුජන පෙරමුණ විසින් එදිනට නම් කිරීමට නියමිත ජනාධිපති අපේක්‍ෂකයාට සහයෝගය ලබා දීමට කටයුතු කරන බවද කීවේය.

(Lanka Leads)