Wednesday, March 04, 2026
Follow Us
එජාප මන්ත්‍රිවරුන් අද දෙතැනකදී සාකච්ඡා

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හා මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ විශේෂ හමුවක් අද(09) පැවැත්වෙයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම හමුව පැවැත්වෙන බව වාර්තා වෙයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් අතර සාකච්ඡාවක්ද අද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස් වීමට නියමිතයි.

(Lanka Leads)