Wednesday, June 17, 2026
Follow Us
රනිල්, කරූ, සජිත් මැජික් පෙන්නලා තියෙන්නේ. රට විනාශ කළා - නිමල් ලංසා

එක්සත් ජාතික පෙරමුණට අලුතින් මැජික් පෙන්වීමට දෙයක් නොමැති බවත් පසුගිය වසර හතර හමාරක් තිස්සේ ඔවුන් මැජික් පෙන්වා ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා පවසයි.

"අලුත් මැජික් එකක් පෙන්නන්න දෙයක් නෑ, මොකද මැජික් පෙන්නුවා අවුරුදු හතර හමාරක් තිස්සේ. රනිල් වික්‍රමසිංහයි, කරූ ජයසූරියයි, සජිත් ප්‍රේමදාසයි මේ රටට මැජික් පෙන්නලා තියෙන්නේ. මොකද ඔය පක්ෂ ටික තමයි එකතුවෙලා මේ රට විනාස කරලා තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කළේ.

නිමල් ලංසා මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය පිළිබඳව ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)