Friday, January 09, 2026
Follow Us
පොහොට්ටුව අපේක්ෂකයෙක් නම් කළොත් අර්බුදය උත්සන්න වන බව ශ්‍රීලනිපය කියයි

ලබන 11 වැනිදායින් පසුව දේශපාලන පෙරළියක් සිදුවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා. ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කළ හොත්, අර්බුදය තවත් උත්සන්න වන බවයි.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වනු ඇත්දැයි සැකයක් පවතින බව ද මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

මේ අතර අමාත්‍ය පලනි දිගම්බරම් නෙත් නිවුස් වෙත කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිටින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය දක්වන පාර්ශ්වය සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දක්වන පාර්ශ්වය එක්ව කටයුතු කළ යුතු බවයි.

එසේ නොවුනහොත්, ජනාධිපතිවරණය ජය ගත නොහැකි බව ද ඔහු ප‍්‍රකාශ කළා. එමෙන්ම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්නගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරණයේදී එක් කර ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවයි පලනි දිගම්බරම් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.