Wednesday, March 04, 2026
Follow Us
රුවන්ගේ කමිටුවට රනිල් හරස් වී‍මෙන් එජාපයේ අර්බුද

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත්කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට ඇත. එහෙත් එම වාර්තාව ක්‍රියාත්මක කිරී‍මේ කටයුතු අත්හිටුවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කිරීම නිසා එජාප අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබේ.

පක්ෂය තුළ ඉහළ තනතුරු රහස් ඡන්දයකින් පිරවිය යුතු බවට රුවන් විජයවර්ධන කමිටුව සිය වාර්තාව මගින් නිර්දේශ කොට ඇතත් එම නිර්දේශ එජාප නායකයා මැදිහත් වී‍මෙන් ක්‍රියාත්මක නොකිරීම නිසා එජාප නායකයන්ට තමන් පක්ෂය තුළ කවුරුන්දැයි තක්සේරුවක් නොමැතිකමින් එවැනි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එජාප පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම චෝදනා කරති.

(Lanka Leads)