Saturday, April 25, 2026
Follow Us
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට නව සාමාජිකයින් දෙදෙනෙක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ මනූෂ නානායක්කාර මහතා පත්කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (19) දින පාර්ලිමේන්තුවේ දී මේ බව දැනුම් දී ඇත.

එම කාරකසභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි මහතා සහ හේෂා විතානගේ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලැබූ නම් එලෙස කථානායකවරයා අද පෙරවරුවේ දී නිවේදනය කර තිබේ.

(Aruna)