Tuesday, May 06, 2025
Follow Us
අපෙත් වැරදි තියෙනවා - කබීර් ඇත්ත පිළිගනී (VIDEO)

අද මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යස්ත මතධාරීන් ලෙස තම පාර්ශවය සමස්ත සමාජයට තවමත් හරි හැටි කතා කර නොමැති බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පිළිගත්තේය.



නමුත් මේ රට වෙනුවෙන් පළුදු වූ විශ්වාසය යළි ගොඩනැගීම සඳහා එකමුතුව වැඩ කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව මේ මොහොතේ ආත්ම පරීක්ෂාවක් නැත්නම් ස්වයං විවේචනයක් කිරීමට තීරණය කළ බව කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ අද (16) අමාත්‍යාංශයේදී කැඳවා තිබූ හමුවේදීය.

(LNW)