Sunday, February 15, 2026
Follow Us
පැරදුනු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු තවමත් නිල නිවස වල

පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත් වූ ඉකුත් යහපාලන ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත‍්‍රීවරුන් 05 දෙනෙකු තවමත් මාදිවෙල මන්ත‍්‍රී නිවාස සංකීර්ණයේ නිවෙස්වල රැඳී සිටින බවට තොරතුරු වාර්තා වනවා. මේ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුට නිල නිවාස ලබාදීම තවමත් ප‍්‍රමාද වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එලෙස නිල නිවාස නොලැබුණු මන්ත‍්‍රීවරුන් සඳහා රුපියල් 50,000 ක දීමනාවක් මාසිකව ලබා දීමට ද යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

(Neth)