Sunday, February 15, 2026
Follow Us
මෛත්‍රිගේ ගැසට් 55ක් හමස් පෙට්ටියට

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විශ්‍රාමයෑමට පෙර පරිසර ඇමැති ලෙස සිටියදී අත්සන් කළ ගැසට් නිවේදන 55ක් මෙතෙක් නිකුත් කර නැතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ (සජබ) ඊයේ (19 වැනිදා) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

සිංහරාජ වනය තුන් ගුණයකින් වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයාව සිටියදී මෛත්‍රිපාල සිරිසේන අත්සන් කළ ගැසට් පත්‍රය වසරකට අධික කාලයකට පසුව පසුගියදා නිකුත් වූ බව කී මන්ත්‍රීවරයා තමන් අත්සන් කළ ගැසට් පත්‍ර 55ක් තවම පෝළිමේ ඇති බව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් ගිනුමේ සටහන් කර ඇතැයිද කීය.

මෙම ගැසට් පත්‍ර පනස් පහ මුද්‍රණය කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමැති මහින්ද අමරවීර මෙහි දී පැවසුවේය.

(Aruna)