Sunday, April 26, 2026
Follow Us
කොවිඩ් නිසා රිෂාඩ් යළි ඇප ඉල්ලයි

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා යළි ඇප ඉල්ලිමක් කර තිබේ.

පවත්නා කොවිඩ් 19 වසංගත තත්ත්වය බන්ධනාගාරය තුළටද එය බලපා ඇති අතර බන්ධනාගාරය තුළ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නොමැති හෙයින් ඇප ලබා ගැනීම සඳහා මෝසමක් ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් සලකා බැලීම එළඹෙන 25 වැනිදාට යොදා ඇති අතර කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නොතීසි නිකුත් කිරීමද සිදුකර තිබේ.

(LNW)