Thursday, March 05, 2026
Follow Us
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ඉඩම් විධිවිධාන විශේෂ පනත් කෙටුම්පත පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණු අතර අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් කිහිපයක් අධිකරණයට ඉදිරිපත් වී තිබීම හේතුවෙන් ඒ සම්බන්ධ විවාදය අද නොපවත්වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සඳහන් කළේය.

මේ අතර විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද කැඳවා ඇත.

(Aruna)