Sunday, April 26, 2026
Follow Us
සජිත් බයිඩ්න්ට සුබපතයි

ඇමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙසට ජෝ බයිඩන් පත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සුළු වේලාවක් ගතවීමට පෙර මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජෝ බයිඩන්ට සුබ පතා තිබේ.

ඔහු ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස පත්වීමට නියමිත කමලා හැරිස්ට ද සුබ පැතුම් එක්කර ඇති අතර, ඔහුගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ඇමෙරිකානු ජනාධිපතිවරයා හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද වැඩිදුරටත් සදහන් කර ඇත.

(Aruna)