Wednesday, June 24, 2026
Follow Us
පොලීසියෙන් මෙහෙයුමක් - බදියුදීන් භාවිතා කළ මෝටර් රථ දෙකක් සොයා ගැනේ, රියදුරන් දෙදෙනාත් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සොයා ගැනුණු සුඛෝපභෝගී මෝටර් රථ දෙක හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් භාවිත කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා ද පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණා. එම මෝටර් රථ 02 තුළ තිබී පිස්තෝල 02 ක්, මැගසින් 04 ක් සහ පතරොම් 48 ක් ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

සැඟව සිටින හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

(Neth)