Monday, February 16, 2026
Follow Us
ඇමති සරත් විරසේකරටත් ’20’ ප්‍රශ්නයක් වෙයි

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය (05) පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ඇති බව දැනගන්නට තිබේ.

එහීදී සරත් වීරසේකර මහතා සදහන් කොට ඇත්තේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව තමාගෙන් ප්‍රශ්න කර සිටින බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ට හෝ නිසි අවබෝධයක් නොමැති බවත්ය.

එමනිසා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ජා කිරීමට අවශ්‍ය බවද වීරසේකර මහතා එහිදී ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වේ.

එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඒ සදහා අවස්ථාව සලසා දීමට පියවර ගන්නා බවකි.

ජනපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සහභාගීව සිටියේ නැත.

(Lanka Leads)