Monday, February 16, 2026
Follow Us
කොරෝනා හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු වලටත් බාධා

පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ, අද දහවල් රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අද සිට දැනට කැඳවා ඇති කමිටු රැස්වීම් සියල්ල අත්හිටුවීමට ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණා.

මේ අතර මුදල් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම, ආනයන සහ අපනයන පාලන පනත යටතේ ඉදිරිපත් කර ඇති රෙගුලාසි පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුනා. කෙසේවෙතත්, එම විවාදයට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ, විවාදයට ගැනීමට නියමිත එම පනත් කෙටුම්පත් ස්ථාවර නියෝග අත්හිටුවා ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා කිරීම වැළැක්වීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවට විපක්ෂය චෝදනා කිරීමත් සමගයි.

(Neth)