Monday, February 16, 2026
Follow Us
‘නිකාබය’ තහනමට රනිල් විරුද්ධ වෙලා – මෛත්‍රී සියල්ල හෙළිකරයි

මුස්ලිම් කාන්තාවන් පලඳින ‘නිකාබය’ මෙරට තහනම් කිරීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී විරුද්ධ වූ බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසමේදී ඊයේ (5) පවසා තිබුණා .

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මුස්ලිම් කාන්තාවන් පලඳින නිකාබය මෙරට තහනම් කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කළේ කවුද යනුවෙන් විමසූ ප්‍රශ්නයට පිිළිතුරු දෙමින් හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී යළි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ හිටපු අගමැතිවරයා එසේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට හේතුව ඔබ දන්නෙහිද යන්නයි.

එහිදී පිළිතුරු දෙමින් කියා සිටියේ තමා ඇතුළු කණ්ඩායම පිහිටුවාගත් යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් මුස්ලිම් ඇමැතිවරු නියෝජනය වූ බවයි. පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් ආණ්ඩුවට සිටියේ 106 දෙදෙනකු නිසා ඒ තත්ත්වය උඩ මුස්ලිම් ඇමැතිවරු විරසක වුවහොත් ආණ්ඩුව කරගන යන්න නොහැකි වේ යැයි කියා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සිතන්නට ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

(Lanka Leads)