Monday, February 16, 2026
Follow Us
රනිල් අද කොමිසමට

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා.

ඒ, පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සාක්ෂි ලබාදීම සඳහා පැමිණෙන්නැයි එම කොමිසම විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉකුත් දා සිදුකළ දැනුම්දීමකට අනුවයි. රනිල් වික‍්‍රමසිංහ මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පළමු අවස්ථාව ද මෙයයි.

මේ අතර හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පැය 07 ක කාලයක් සාක්ෂි ලබාදුන්නා.

(Neth)