Monday, February 16, 2026
Follow Us
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (05) පැවැත්වීමට නියමිතය.

අද පස්වරු 5.30ට ජනාධිපති කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වෙන බව වාර්තා වේ.

එම රැස්වීම පැවැත්වෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම ඉදිරි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මෙම රැස්වීමට සහභාගී වන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

(Lanka Leads)