Monday, February 16, 2026
Follow Us
20 ගැන ජානිපෙන් අගමැතිට තීරණාත්මක ලිපියක්..

ජාතික නිදහස් පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබෙනවා. ඒ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දක්වමින්.


ද්විත්ව පුරවැසිභාවය, විගණනය හා හදිසි පනත් සමබන්ධයෙන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මෙලෙස ඔවුන් අගමැතිවරයාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ තම පක්ෂ නායකයා වන විමල් වීරවංශ ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවන බවද එම ලිපියේ සදහන්.
මෙම යෝජනා පිළිබඳව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති අතර එම විරෝධයන් නොසලකා කටයුතු කිරීම මගින් ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බවද ඔවුන් සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

(Lanka Leads)