Thursday, March 05, 2026
Follow Us
ශ්‍රිලනිපයට නව සංවිධායකයන් 6ක් !

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩසටහන යටතේ නව සංවිධායකවරුන්ට පත්වීම් ප‍්‍රදානය සහ සංවිධායක ධූරයන් වෙනුවෙන් පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම ජනාධිපති සිරිසේන අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

එහිදී මොරටුව ආසනයේ නව ශ‍්‍රී.ල.නි.ප සංවිධායකවරයා ලෙස තිලංග සුමතිපාල, රත්නපුර ආසනයේ නව පක්ෂ සංවිධායකවරයා ලෙස නීතිඥ පි‍්‍රයන්ත කරුණාතිලක, මින්නේරිය ආසනයේ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයෙ නව සංවිධායක ලෙස බී.ආර්. උඩවත්ත, ඇලහැර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ සම සංවිධායක ලෙස රෝහිත හත්තොටුව, මහනුවර ගලගෙදර ආසනයේ නව සංවිධායක ලෙස ලාල් සිසිර බණ්ඩාර ගිරිහාගම, බිබිල ආසනයේ නව සංවිධායක ලෙස නීතිඥ උදාර සොයිසා යන අය ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.

මේ අතර දිස්ති‍්‍රක්ක කිහිපයක් සඳහා පත් කෙරුණු නව දිස්ති‍්‍රක් සංවිධායකවරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුකෙරිණි.

(News Tube)