තමාට ඇති බලයෙන් පිරිමි දරුවෙකු ලබාදීමට හැකි බවට පැවසූ මිත්‍යා ඇදහිලි සුවකරන්නෙකු ගේ කීමට අනුව සිය හිසට ඇණ ගසා ගත් ගර්භණි කාන්තාවක් සම්බන්ධයෙන් පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් අනන්‍යතා රාමුව සඳහා ඉන්දියානු රජයේ ප්‍රදානයන් ලබාගැනීමට අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සැතපුම් 900ක් දුරක් දක්වා එල්ල කළ හැකි නව දිගු දුර මිසයිලයක් නිපදවීමට ඉරානය සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම නව මිසයිලය ඉරානයට ආසන්නයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කිරීම ඉතා පහසු වන අතර දීර්ඝ කාලින සතුරන් වන ඊශ්‍රායලයේ ඉලක්ක වෙත පහසුවෙන් පහරදීමට හැකියාවක් ඇති බවයි ඉරාන යුද විශේෂඥයින් සඳහන් කර සිටිනවා.
මෙම වසර ආරම්භයත් සමඟ විදේශීය සංචාරකයින් මෙරටට පැමිණීම වර්ධනය වුවද, වැඩි පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව හා ඒ ආශ්‍රිත රටවලින් බව ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ ආයතනය පවසනවා.
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 පෙබරවාරි 06-08 යන දිනවල ඉන්දියාවේ සිදු කළ සිය දෙදින නිල සංචාරය සාර්ථක ලෙස අවසන් කළේ ය. එතුමා පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී විදේශ අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මැතිතුමාගේ ඇරයුමකට අනුව, සිය මංගල සංචාරය සඳහා නවදිල්ලි නුවර සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතු සඳහා පැමිණීමට ඉන්දියාව දැනටමත් ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධ සාකච්ඡා ද ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන 12 වනදා බැංගලෝර්හිදී ආරම්භ වනවා. මෙවර ක්‍රීඩක වෙන්දේසිය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතයි.
The European Union (EU) strongly urged Sri Lanka to lift forthwith import restrictions preventing many European products from entering its market.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට පත්ව සිටි සිරකරුවන් ඇපමත මුදා හැරීමට රජය ගත් තීරණය පිළිබඳව යුරෝපා සංගමය සිය ප්‍රසාදය පළකර තිබේ.
Page 167 of 376